569/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට නැවත පැමිණ සේවය කළ යුතුය යන දැඩි කොන්දේසිය යටතේ විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ජනාධිපති අරමුදල මඟින් මුදල් ලබාදී ඇති බව දන්නේද;
(ii) ඒ යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදල මඟින් මුදල් ලබාදී තිබේද;
(iii) එසේ නම්, එසේ මුදල් ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ දේශපාලඥයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත පුද්ගලයන් අතරින් ආචාර්ය උපාධිය අවසන් කර ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණ නැති පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ශ්‍රී ලංකාවට නැවත පැමිණ නැති පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(vi) ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(vii) ඔවුන් වෙනුවෙන් රජය විසින් වැය කරන ලද මුදල් අය කර ගෙන තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අග්‍රාමාත්‍ය කාර්යාලය | |
| : රවීන්ද්‍ර බණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






