560/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත්කරන ලද ක්‍රමවේදය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) යුද හමුදාපති තනතුර සහ ගුවන් හමුදාපති තනතුර සඳහා පත් කිරීමට වර්තමාන යුද හමුදාපතිවරයාට සහ ගුවන් හමුදාපතිවරයාට වඩා ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත නිලධාරින් නොසිටියේද;
(iii) ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත වෙනත් නිලධාරින් සිටියේ නම්, එම නිලධාරින් නොසලකා හැර වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත් කිරීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) හමුදාපතිවරුන් පත් කිරීමේදී, ජ්‍යෙෂ්ඨත්වය හැර සලකා බලනු ලබන වෙනත් නිර්ණායක තිබේද;
(v) එසේ නම්, එම නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ආරක්ෂක | |
| : චාමර සම්පත් දසනායක | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






