541/2025
ගරු හර්ෂණ රාජකරුණා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිළිකා රෝගීන් සඳහා ලබා දෙනු ලබන Anastrazole නැමැති ඖෂධය ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් මහරගම, ජාතික පිළිකා ආයතනයේ නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් එම ආයතනයට දෛනිකව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වන අතර ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ, මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහල මේ වනතෙක් දිවා රාත්‍රී රෝගී සත්කාරක සේවාවන් පවත්වා ගෙන ගිය නමුත් අනුප්‍රාප්තිකයන් රහිතව වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්ථාන මාරු කිරීම හේතුවෙන් එම සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යාමට දුෂ්කරවී ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් එම රෝහලෙන් සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ඈ) මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
| : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය | |
| : හර්ෂණ රාජකරුණා | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






