517/2025
ගරු හර්ෂණ රාජකරුණා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික පාසල් 1000ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ජාතික පාසල් ලෙස නම් කරන ලද පාසල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් ජාතික පාසලේ නාම පුවරුව හා ප්‍රධාන පිවිසුම් දොරටුව සැකසීම සඳහා ලබා දී ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට එම පාසල් පාලනය කරනු ලබන්නේ රේඛීය අමාත්‍යාංශය මඟින්ද; නොඑසේ නම්, අදාළ පළාත් සභාව මඟින්ද;
(iv) ඒ අනුව, මේ වනවිට ස්ථාපිත කර ඇති මුළු ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(v) ඒවායේ නම් කවරේද;
(vi) එම ජාතික පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය කර ඒවා රේඛීය අමාත්‍යාංශය යටතට ගන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන | |
| : හර්ෂණ රාජකරුණා | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






