ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නජිත් ඉන්දික විසින් අසන ලද ප්‍රශ්නය

515/2025

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)        ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මියගිය ජනතාව සිහිකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ රජය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රචාර සිදු කරන ලද බව දන්නේද;

            (ii)      සමාජ මාධ්‍ය ජාලා තුළ සංවිධානාත්මක ආකාරයෙන් ජාතිවාදය, ආගම්වාදය සහ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කිරීමට එරෙහිව මේ වනවිට බලපැවැත්වෙන නීතිමය ප්‍රතිපාදන කවරේද;

(iii) ඒ අතරින් පසුගිය කාලයේදී වැඩි වශයෙන් යොදා ගෙන ඇති පනත් කවරේද;

(iv) මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ප්‍රචාරය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි සත්‍ය තත්ත්වය පිළිබඳව රජය විසින් කරනු ලබන පැහැදිලි කිරීම කඩිනමින් ප්‍රචාරය නොවීම හේතුවෙන් ඇති වන අපකීර්තිය වැළැක්වීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(v) මෙම තත්ත්වය නිවැරදි කිරීමට සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: නජිත් ඉන්දික
: ජාතික ජන බලවේගය
2025-04-09 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි