ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සුජීව දිසානායක විසින් අසන ලද ප්‍රශ්නය

511/2025

 

ගරු සුජීව දිසානායක මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති රජයේ ක්‍රීඩා සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;

            (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ක්‍රීඩා සංකීර්ණයක් පිහිටුවා තිබේද;

           (iii)       එසේ නම්, එය ස්ථාපිත කර ඇති ස්ථානය කවරේද;

(iv) එම ක්‍රීඩා සංකීර්ණය පළමුව ඉදිකිරීමට යෝජිතව තිබූ ස්ථානය කවරේද;

(v) එය වෙනත් ස්ථානයක ඉදිකිරීමට කටයුතු කරනු ලැබුවේද;

(vi) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් සැපයීමට නියමිතව තිබූ ක්‍රීඩා කවරේද;

(ii) එම ක්‍රීඩා සංකීර්ණයේ මේ වනවිට පහසුකම් සපයා ඇති ක්‍රීඩා කවරේද;

(iii) එම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල කොපමණද;

 (iv) එම ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: තරුණ කටයුතු සහ ක්‍රීඩා
: සුජීව දිසානායක
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි