510/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වන්නේද;
(ii) සණස සංවර්ධන බැංකුව මඟින් විශ්‍රාමික හමුදා නිලධාරින්ට “උත්තමාචාර” නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබේද;
(iii) ඒ යටතේ මේ වනවිට ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;
(iv) වර්ෂ 2020 සිට 2024 දක්වා ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;
(v) ණය ලබාදීමේදී සැලකිල්ලට ගනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රතිශතය කොපමණද;
(vi) ණය ආපසු ගෙවීමේ අවම හා උපරිම කාල සීමාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) කොවිඩ්-19 වසංගත කාලයේදී ණය අය කර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමෙන් ණය මුදලට වඩා වැඩි මුදලක් පොළිය ලෙස ගෙවීමට සිදු වී ඇති බව දන්නේද;
(ii) එම දීර්ඝ කිරීම, බැංකුවේ අභිමතය පරිදි සිදු කර ඇති බව දන්නේද;
(iii) බැංකුවේ අභිමතය පරිදි එවැනි දීර්ඝ කිරීමක් සිදු කළ හැකිද;
(iv) ඒ මඟින් අගතියට පත් වී ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන | |
| : මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






