ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

උපුල් කිත්සිරි විසින් අසන ලද ප්‍රශ්නය

509/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයට ආසන්නව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවේ ගඟ හරහා ලියන්ගස්තොට පාලම ඉදිකර ඇති බව දන්නේද;

              (ii)       එම පාලමේ ‍ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය සහ අවසන් කිරීමට නියමිතව තිබූ  දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පාලමේ ඇස්තමේන්තුගත වටිනාකම කොපමණද;

(iv) එවකට එම පාලමේ ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද අමාත්‍යාංශය/ආයතනය කවරේද;

(v) එය ඉදිකරන ලද කාලයේදී අදාළ අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා කවුරුන්ද;

(vi) මේ වනවිට එම පාලමේ වැඩ අවසන් කර තිබේද;

‍‍ (vii) එම පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර කර තිබේ නම්, ඒ හේතුවෙන් විනාශ වී ඇති ද්‍රව්‍ය කවරේද;

(viii) ඒවායේ වටිනාකම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
: උපුල් කිත්සිරි
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි