ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දිනේෂ් හේමන්ත විසින් අසන ලද ප්‍රශ්නය

507/2025

ගරු දිනේෂ් හේමන්ත මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති විදුලි අලිවැට ආරක්ෂා කිරීම සඳහා බඳවාගෙන ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඔවුන් අතරින් මේ වනවිට සේවයේ ස්ථිර කර ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනතෙක් සේවයේ ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් තිබේද;

(iv) නොඑසේ නම්, ඔවුන් සේවයේ ස්ථිර නොකිරීමට හේතු කවරේද;

(v) සේවය ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයින්ගේ සේවය ස්ථිර කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද;

(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: පරිසර
: දිනේෂ් හේමන්ත
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි