ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මංජුල සුරවීර ආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

506/2025

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත කරන ලද ආයතනයක්ද;

            (ii)       එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

‍(iii) එම පදනම සතු වත්කම් කවරේද;

(iv) වර්ෂ 2020 සිට 2024 දක්වා එම පදනමට අයවැය මඟින් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සඳහන් කාල සීමාව තුළදී එම පදනම විගණනයට ලක් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
: මංජුල සුරවීර ආරච්චි
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි