ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කිට්නන් සෙල්වරාජ් විසින් අසන ලද ප්‍රශ්නය

505/2025

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)       වතුකරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව දන්නේද;

     (ii)      1992 වර්ෂයෙන් පසුව රජය සහ වැවිලි මානව සංවර්ධන භාරය (TRUST) විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වතුයාය තුළ ක්‍රියාත්මක කරන ලද පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල සහ වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ, පූනාගල LLG, කෙප්කඩේ නව නිවාස සංකීර්ණයේ ක්‍රියාත්මක කරන ලද ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව දන්නේද;

(ii) එම ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) මේ වනවිට එම මුදල සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
: කිට්නන් සෙල්වරාජ්
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි