ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නන්ද බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නය

502/2025

ගරු නන්ද බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)        (i)       ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවයක් පවතින බව පිළිගන්නේද;

            (ii)       එය විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

            (iii)       ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් සඳහා මොඩියුල අවශ්‍යතා සපුරාගත  යුතු බව දන්නේද;

(iv) මොඩියුල අවශ්‍යතා සම්පුර්ණ කරගත නොහැකි වීම හේතුවෙන් උසස්වීම් අහිමි වීම, වැටුප් වර්ධක නොලැබීම හා සේවය ස්ථිර කිරීම ප්‍රමාද වීම ආදී ගැටලු පැන නැඟී ඇති බව දන්නේද;

(v) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

(vi) ඒවා විසඳන දින වකවානු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සේවා ව්‍යවස්ථානුකූලව සීමිත හා විවෘත බඳවා ගැනීම් කාල රාමු දෙකකදී සිදු කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති බව දන්නේද;

(ii) එම ගැටලු විසඳීමට බාධාවන් තිබේද;

(iii) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(‍ඇ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් ස්ථානගත කිරීම විධිමත් කර තිබේද;

(ii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
: නන්ද බණ්ඩාර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි