ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ටී.කේ. ජයසුන්දර විසින් අසන ලද ප්‍රශ්නය

501/2025

ගරු ටී. කේ. ජයසුන්දර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ, i–road ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී ඇති බව දන්නේද;

(ii) අතරමඟ නවතා දමා ඇති එක් එක් මාර්ගය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කවරේද;

(iv) එම එක් එක් මාර්ගය සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් එම මාර්ග පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
: ටී.කේ. ජයසුන්දර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි