ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නීතිඥ අනුරාධ ජයරත්න විසින් අසන ලද ප්‍රශ්නය

499/2025

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඊශ්‍රායල් රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම සංඛ්‍යාව කෘෂිකාර්මික, ඉදිකිරීම්, ‍‍හෝටල් සහ නිෂ්පාදන යන එක් එක් අංශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට රැකියා සඳහා ඊශ්‍රායලය වෙත යොමු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) සියලු පරික්ෂණ සමත්ව වෛද්‍ය වාර්තාද ලබා ගෙන වර්ෂයකට ආසන්න කාලයක් ගතවී තිබුණද අයදුම්කරුවන් 2400ක් පමණ මේ දක්වා ඊශ්‍රායල් රැකියා සඳහා යොමු කර නොමැති බව දන්නේද;

(v) එසේ නම්, ඊට හේතු කවරේද;

(vi) ඔවුන් කඩිනමින් ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
: නීතිඥ අනුරාධ ජයරත්න
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි