ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නීතිඥ අනුරාධ ජයරත්න විසින් අසන ලද ප්‍රශ්නය

498/2025

ගරු අනුරාධ ජයරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024 වර්ෂයේදී, වන සතුන් විසින් සිදු කරන ලද වගා හානි ප්‍රමාණය කොපමණද;

             (ii)       ඒ හේතුවෙන් සිදු වූ ආර්ථික අලාභය කොපමණද;

            ‍(iii)       වන සතුන් විසින් සිදු කරනු ලබන වගා හානිය අවම කර ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් වෙත නිකුත් කර ඇති ගිනි අවි සංඛ්‍යාව කොපමණද;

  (ii) එම ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන පතරොමක මිල රු. 450/-ක් වන බව දන්නේද;

(iii) ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: නීතිඥ අනුරාධ ජයරත්න
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි