ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සේන නානායක්කාර විසින් අසන ලද ප්‍රශ්නය

497/2025

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එම සංස්කෘතික මධ්‍යස්ථානවලින් සිදු කරනු ලබන ප්‍රධානතම කාර්යභාරය කවරේද;

(iii) පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තු යටතේ ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;

(iv) එම කලායතනවල කාර්යභාරය කවරේද;

 

(v) ලියාපදිංචි කර ඇති එහෙත් මේ වනවිට සක්‍රිය තත්ත්වයේ නොපවතින කලායතන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2024 වර්ෂයේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් පවත්වන ලද වාර්ෂික සාහිත්‍ය උළෙල සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල කොපමණද;

(ii) සාහිත්‍ය උළෙල සඳහා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම මුදල ප්‍රමාණවත් වන්නේද;

(iv) නොඑසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

: බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
: සේන නානායක්කාර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි