ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සේන නානායක්කාර විසින් අසන ලද ප්‍රශ්නය

496/2025

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ විකාශය වන ලාංකීය රූපවාහිනී නාලිකා සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සංඛ්‍යාව, රජයේ රූපවාහිනී නාලිකා හා පෞද්ග‍ලික රූපවාහිනී නාලිකා  ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) රජයේ හා පෞද්ග‍ලික රූපවාහිනී නාලිකා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැවතිය යුතු බව පිළිගන්නේද;

(ii) එම ආචාර ධර්ම පද්ධතිය, ශ්‍රී ලාංකීය රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් බලපැවැත්වෙන ආකාරය කෙසේද;

(iii) රූපවාහිනී නාලිකාවල මේ වනවිට විකාශය කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආකාරය කෙසේද;

  (iv) එම වැඩසටහන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(v) එසේ නම්,  එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය කෙසේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: සේන නානායක්කාර
: ජාතික ජන බලවේගය
2025-03-18 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී
2025-05-20 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි