ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පද්මසිරි බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නය

493/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය හදාරා අවසන් කර ඇති සංඛ්‍යාව කොපමණද;

            (iii)       මේ වනවිට දේශීය ආයුර්වේද රෝහල්වල ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මින්නේරිය ආයුර්වේද රෝහලේ භෞත චිකිත්සක ඒකකයක් පවතින බව දන්නේද;

(ii) එම ඒකකය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරනු ලැබුවේ කවුරුන්ද;

(iii) එම කොන්ත්‍රාත්තුවේ වංචාවක් සිදු වී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවේද;

(v) එම විමර්ශනයේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: පද්මසිරි බණ්ඩාර
: ජාතික ජන බලවේගය
2025-03-17 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි