492/2025
ගරු දේවානන්ද සුරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාව සහ ලියාපදිංචි ඖෂධවේදීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව ලියාපදිංචි ඖෂධශාලා, ලියාපදිංචි ඖෂධවේදියකුගේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යායුතු වන්නේද;
(iii) ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාවට සාපේක්ෂව ලියාපදිංචි ඖෂධවේදීන්ගේ හිඟයක් පවතින බව පිළිගන්නේද;
(iv) එසේ නම්, එම හිඟය මඟ හරවා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටීම සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් රසායන විද්‍යාව සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබිය යුතු බව දන්නේද;
(ii) අවසන්වරට පවත්වන ලද බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටි 1,700ක් පමණ වන අයදුම්කරුවන් අතරින් අයදුම්කරුවන් 99ක් පමණක් සමත් වී ඇති අතර එම සංඛ්‍යාව විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 6%ක් වැනි අඩු ප්‍රතිශතයක් බව පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය | |
| : දේවානන්ද සුරවීර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






