ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එල්.එම්. අබේවික්‍රම විසින් අසන ලද ප්‍රශ්නය

491/2025

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නිල්වලා ග‍‍‍‍‍‍ඟේ ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් පැන නැගී ඇති සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස 2024.11.08 සිට 2025.01.14 දක්වා වූ කාලය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ ජල සම්පත් මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබේද;

(ii) එසේ නම්, ඉහත ඉල්ලීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් තාක්ෂණික කමිටුවක් පත් කර තිබේද;

‍(iii) එසේ නම්, එහි සාමාජිකයන් කවුරුන්ද;

(iv) මේ වනවිට එම කමිටුවේ කටයුතුවල ප්‍රගතිය කවරේද;

(v) එම කමිටුවේ වාර්තාව ලබා දෙනු ලබන දිනය කවරේද;

(vi) ඉහත කමිටුව මේ දක්වා පත් කර නොමැති නම්, ඊට හේතු කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: එල්.එම්. අබේවික්‍රම
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි