ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ටී.කේ. ජයසුන්දර විසින් අසන ලද ප්‍රශ්නය

487/2025

ගරු ටී. කේ. ජයසුන්දර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      1984.07.03 සිට 2020.03.18 දක්වා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයකු ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති කහදූව ආරච්චිගේ නිහාල් මහතාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරාපිටිය ශික්ෂණ රෝහල මඟින් මේ දක්වා ඉටුකර නොමැති බවත්;

(ii) ඒ මහතා විශ්‍රාම ගෙන වර්ෂ 05ක් ගත වුවත්, ඔහුගේ විශ්‍රාම වැටුපට අදාළ කටයුතු අවසන් නොකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වලතාවයක් බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) කරාපිටිය රෝහල් අධ්‍යක්ෂකගේ අංක: FQ/02/2018 හා 2023.12.08 දිනැති ලිපිය අනුව පත්කර ඇති මූලික විමර්ශන මණ්ඩලයේ වාර්තාව පිළිගෙන, අදාළ අයකිරීම් කර, විශ්‍රාම කටයුතු සඳහා ලේඛන නිදහස් නොකිරීමට හේතුව;

(ii) එම වාර්තාව සම්බන්ධයෙන් නිහාල් මහතා දැනුම්වත් නොකිරීමට හේතුව;

(iii) ඉහත (i)හි සඳහන් වාර්තාව පිළිනොගන්නේ නම්, ඊට හේතුව;

(iv) එසේ නම්, මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග;

(v) එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිහාල් මහතා දැනුම්වත් නොකිරීමට හේතුව;

(vi) 2020 වර්ෂයේ සිට පාකින්සන් රෝගයෙන් පෙළෙන නිහාල් මහතාගේ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද කරන නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග;

කවරේද යන්න මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: ටී.කේ. ජයසුන්දර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි