485/2025
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දොන් සයිමන් විජේවික්‍රම සමරකෝන් මහතාට අයත් අක්කර 76ක පමණ විශාලත්වයකින් යුතු කහපොල, ‘රෙජිඩේල්වත්ත’ නමැති ඉඩම මහා භාරකාරවරයා යටතේ තිබූ බවත්;
(ii) එම ඉඩමේ කොටසක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකර, 2017.05.11 වන දින එවකට අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් හා එවකට ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද බවත්;
(iii) “සකල ලෝකවාසී බෞද්ධ ජනයා වෙත අසමසම තිළිණයක්” ලෙස ඊට අදාළ ඵලකයේ සඳහන් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ඉදිකිරීම සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
(ii) එම ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු | |
| : ලක්ෂ්මන් නිපුණ ආරච්චි | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






