ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් විසින් අසන ලද ප්‍රශ්නය

484/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)      මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;

(ii) ඒ හේතුවෙන් ඉගැන්වීම් කටයුතුවලට නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මුස්ලිම් දේවස්ථානවල සේවය කරන ඉමාම්වරුන්ට සහ මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;

(ii) ඒ හේතුවෙන් ඔවුන් විසින් ඉටු කරනු ලබන කටයුතු සඳහා නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;

යන්නත් එතුමා දන්නෙහිද?

‍(ඇ) අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට සහ මුස්ලිම් දේවස්ථානවල සේවය කරනු ලබන ඉමාම්වරුන්ට හා මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා දීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
: එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්
: ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි