ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් විසින් අසන ලද ප්‍රශ්නය

483/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති මුස්ලිම් දේවස්ථානවල ඉමාම් හා මුඅද්දීන් යන තනතුරු පවතින බව දන්නේද;

(ii) එම තනතුරුවල සේවය කරනු ලබන සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුප සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සටහනක් නොමැති බව දන්නේද;

‍(iii) එසේ නම්, ඉමාම් හා මුඅද්දීන් යන තනතුරුවල සේවය කරනු ලබන සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුප සම්බන්ධයෙන් නිගමනයකට එළැඹ සෑම පල්ලියකම සමාන වැටුපක් ගෙවිය යුතු බවට තීරණයක් ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
: එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්
: ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි