455/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රයිගම්පුර කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබාදී තිබේද;
(ii) එසේ නම්, මේ වන විට ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම ලබා දී ඇති ඉඩම් අතරින් මේ වනවිට වැඩ ආරම්භ කර ඇති ඉඩම් ප්‍රමාණය සහ වැඩ ආරම්භ කර නොමැති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මේ දක්වා වැඩ ආරම්භ කර නොමැති ඉඩම්වල වැඩ ආරම්භ නොකිරීමට හේතු කවරේද;
(v) මේ දක්වා වැඩ ආරම්භ කර නොමැති ඉඩම් ලබා ගෙන ඇති ආයෝජකයන් විසින් ආයෝජනය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත කර්මාන්තපුරයේ ඉදිකර ඇති පරිපාලන ගොඩනැගිල්ලේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජයෙන් වියදම් කරන ලද මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන | |
| : රෝහිත අබේගුණවර්ධන | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






