454/2025
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති කර්මාන්තපුර තුළ මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත සංඛ්‍යාව, ඒවායේ නිෂ්පාදනය සහ අයත් වන ව්‍යාපාර ක්ෂේත්‍රය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) කර්මාන්තපුර තුළ ක්‍රියාත්මක වූ එහෙත් මේ වනවිට වැසී ගොස් ඇති කර්‌මාන්ත සංඛ්‍යාව කොපමණද;
(iii) කර්මාන්තපුර උපරිම ධාරිතාවයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(iv) එම කර්මාන්තපුර තුළ නව කර්මාන්ත ඇරඹීම සඳහා අවකාශ තිබේද;
(v) ශ්‍රී ලංකාවේ ඇති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංඛ්‍යාව සම්බන්ධයෙන් සංගණනයක් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, එම සැලසුම් කවරේද;
(iii) ඒ සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීමට අපේක්ෂා කරනු ලබන ආකාරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන | |
| : ඔෂානි උමංගා | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






