451/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) විනය හේතු මත හැර රජයේ ගුරුවරුන්ගේ ස්ථාන මාරු, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව සිදු කරනු ලබන බව දන්නේද;
(ii) පසුගිය කාලයේදී ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවූ බව දන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද;
(iv) පසුගිය කාලයේදී රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කර ඇති බව දන්නේද;
(v) ඒවා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රායෝගික වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බොහෝ පුරප්පාඩු පවතින බව දන්නේද;
(ii) එසේ නම්, එම එක් එක් සේවාවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන | |
| : පද්මසිරි බණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






