450/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිටකොටුව, බැස්ටියන් මාවතේ, කඩ 42ක් විවෘත කිරීමේ උත්සවයේ මාධ්‍ය ආවරණය කිරීම සඳහා සම්පූර්ණ වියදම වන රු. 19,301,403.61ක මුදලෙන් අත්තිකාරම් ලෙස රු. 17,639,938.86ක මුදලක් ටී.ආර්.අයි.ඒ.ඩී. ආයතනය වෙත ලබා දී තිබේද;
(ii) ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තිබේද;
(iii) ඉහත අත්තිකාරම් මුදල ගෙවීම අනුමත කිරීම සඳහා බලය තිබෙන්නේ කවුරුන් වෙතද;
(iv) එම මාධ්‍ය ආවරණය වෙනුවෙන් ඉහත සඳහන් පරිදි විශාල මුදලක් වියදම් කිරීමේ අරමුණ කවරේද;
(v) ඉහත උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් සිදු කරනු ලැබුවේ නම්, එම මාධ්‍ය ආවරණය රජයේ මාධ්‍ය ආයතනයක් මඟින් සිදු නොකිරීමට හේතුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස | |
| : පද්මසිරි බණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






