ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පද්මසිරි බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නය

449/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු මෝදර සහ මාලිගාවත්ත පිහිටි ප්‍රදීපා ශාලා වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත දේශපාලන හිතවතුන්ට ලබාදී තිබේද;

(ii) ඒවා බදු පදනම මත ලබා දීමට පෙර රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් ඒවායේ තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;

(iii) එසේ නම්, එම එක් එක් ප්‍රදීපා ශාලාවේ තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(iv) ඉහත ප්‍රදීපා ශාලා බදු දීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ, මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ, බෞද්ධ මන්දිරයට යාබදව පිහිටි පර්චස් 116ක් විශාලත්වයෙන් යුතු ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදී තිබේද;

(ii) එම ඉඩම් කොටස් ලබා දී ඇත්තේ කවුරුන් වෙතද;

(iii) ඒවා නිවාස සෑදීමේ අරමුණ සඳහා ලබාදී තිබේද;

(iv) ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
: පද්මසිරි බණ්ඩාර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි