ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඔෂානි උමංගා විසින් අසන ලද ප්‍රශ්නය

446/2025

ගරු ඔෂානි උමංගා මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;

             (ii)      එසේ නම්, එම සැලසුම් කවරේද;

            ‍(iii)      කර්මාන්තපුරවල කල්බදු පදනම මත කර්මාන්ත ස්ථාපිත කිරීමේදී, විවිධ ආයතනවලින් අනුමතිය ලබා ගැනීම සඳහා ආයෝජකයන්ට විශාල කාලයක් ගතවන බව දන්නේද;

(iv) එසේ නම්, එම කල්බදු ගිවිසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේ පවතින අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර පහසු ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාවක් තිබේද;

 (vi) එසේ නම්, එම ක්‍රමවේදය සකස් කිරීම සඳහා ගතවිය හැකි කාලවකවානුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
: ඔෂානි උමංගා
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි