445/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශේෂ බඳවා ගැනීම (හමුදාගත) යටතේ ත්‍රිවිධ හමුදාවට බඳවාගත් සෙබලුන් විවිධ වෘත්තීන්වල රාජකාරිවලට යොදවා ඇති බවත්;
(ii) ඔවුන්ට එම සේවාවලට ආවේණික නිල ඇඳුම් පැළඳීමකින් තොරව සිවිල් ඇඳුමින් හෝ වැඩ ඇඳුමින් රාජකාරි කිරීමට අවසරදී ඇති බවත්;
(iii) එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ රාජකාරිවල යොදවා සිටින සෙබලුන් 43 දෙනෙකුට නිල ඇඳුම් පළඳින ලෙස උපදෙස් දීමෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විශේෂ බඳවා ගැනීම යටතේ බඳවාගෙන ඇති සහ මේ වනවිට සේවය කරන සෙබලුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ රාජකාරි සහ හිමි වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) සිවිල් ඇඳුමට අමතරව සේවාවලට ආවේණික නිල ඇඳුම් ඔවුන්ට පැළඳිය හැකිද;
(iv) එසේ නම්, එම අවස්ථා කවරේද;
(v) ඔවුන්ට අදාළ උපදෙස්/චක්‍රලේඛ/නියෝග නිකුත් කරන්නේ කවුරුන්ද;
(vi) ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි ඔවුන්ට නිල ඇඳුම් පැළඳීමට නියෝග කළ හැකිද;
(vii) ඉහත (අ) (iii)හි සඳහන් සෙබලුන් සේවා නිල ඇඳුමෙන් රාජකාරි සිදු කරන්නේද;
(viii) නොඑසේ නම්, සිවිල් හෝ වැඩ ඇඳුමෙන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ආරක්ෂක | |
| : මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






