440/2025
ගරු රවීන්ද්ර බණ්ඩාර මහතා,— තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බණ්ඩාරවෙල මහජන ක්රීඩාංගනය (නගර සභා ක්රීඩාංගනය) ක්රීඩා තරග පැවැත්වීම සඳහා යෝග්ය තත්ත්වයක නොපවතින බවත්;
(ii) එම ක්රීඩාංගනයේ ජලය බැස යාම සඳහා විධිමත් ක්රමවේදයක් නොමැති බවත්;
(iii) එහි ඉදිකර ඇති කානු පද්ධතිය හේතුවෙන් ක්රිකට් තරග පැවැත්වීමට නොහැකි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2015 සිට 2024 දක්වා එම ක්රීඩාංගනය නවීකරණය කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත ක්රීඩාංගනයට සිදු වී ඇති හානි සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන්නේද;
(iii) බණ්ඩාරවෙල ප්රදේශයේ ක්රීඩකයන්ට සහ පාසල් සිසුන්ට භාවිතා කිරීමට හැකි වන පරිදි ඉහත ක්රීඩාංගනය නවීකරණය කිරීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : තරුණ කටයුතු සහ ක්රීඩා | |
| : රවීන්ද්ර බණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්රම ව්යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






