ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නිශාන්ත පෙරේරා විසින් අසන ලද ප්‍රශ්නය

438/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

 

             (ii)       එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ඉඩම් අතරින් දෙවන පාර්ශ්ව වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(iv) එම ඉඩම් ලබා දී ඇති දෙවන පාර්ශ්වයේ නම, එම එක් එක් පාර්ශ්වයට ඉඩම් ලබාදී ඇති ග්‍රාම නිලධාරි වසම සහ ඉඩම් ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: නිශාන්ත පෙරේරා
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි