ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දිනිඳු සමන් හෙන්නායක විසින් අසන ලද ප්‍රශ්නය

434/2025

ගරු දිනිඳු සමන් මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2020 සිට 2024 දක්වා නිකුත් කරන ලද මුළු මැණික් පතල් බලපත්‍ර සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

             (ii)      එම කාලය තුළදී බලපත්‍ර නිකුත් කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මැණික් පතල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම මැණික් පතල් අතරින් වැඩ අවසන් කිරීමෙන් පසු නිසි ප්‍රමිතියට අනුව වසා දමා ඇති මැණික් පතල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම මැණික් පතල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
: දිනිඳු සමන් හෙන්නායක
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි