ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දිනිඳු සමන් හෙන්නායක විසින් අසන ලද ප්‍රශ්නය

433/2025

ගරු දිනිඳු සමන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බදුල්ල, මීගහකිවුල නව නගරය ඉදිකිරීමට සමගාමීව මීගහකිවුල බස් නැවතුම්පළ ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

             (ii)       මේ දක්වා එම බස් නැවතුම්පළ භාවිතයට ගෙන නොමැති බව දන්නේද;

(iii) එසේ නම්, ඊට හේතු කවරේද;

(iv) ඉහත බස් නැවතුම්පළ ජනතාවගේ භාවිතය සඳහා ලබාදීමට ‍ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) එම බස් නැවතුම්පළ සඳහා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත බස් නැවතුම්පළ ප්‍රයෝජනවත් නොවන ඉදිකිරීමක් බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  (iii) ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස පළාත් පාලන ආයතනවලට කරනු ලබන මගපෙන්වීම් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
: දිනිඳු සමන් හෙන්නායක
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි