ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ධනුෂ්ක රංගනාත් විසින් අසන ලද ප්‍රශ්නය

431/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කළුතර දිස්ත්‍රික්කයේ, අයි-රෝඩ් ව්‍යාපෘතිය යටතේ KL-2 ව්‍යාපෘතිය (කළුතර පැකේජ් 2) නමින් ව්‍යාපෘතියක් තිබූ බවත්;

              (ii)       අදාළ කොන්ත්‍රාත් සමාගම නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් ඉහත ව්‍යාපෘතිය අතරමග නවතා ඇති බවත්;

(iii) ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටින බවත්;

 එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ අගලවත්ත සහ මතුගම මැතිවරණ බලප්‍රදේශ තුළ සංවර්ධනය කිරීමට නියමිතව තිබූ මාර්ග සංඛ්‍යාව කොපමණද;

(ii) එම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත් සමාගම/සමාගම් කවරේද;

  (iii) එම සමාගමේ/සමාගම්වල හිමිකාරිත්වය කවරේද;

(iv) ඉහත නීතිමය ක්‍රියාමාර්ගයේ වර්තමාන තත්ත්වය කවරේද;

(v) ඉහත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
: ධනුෂ්ක රංගනාත්
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි