ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉම්රාන් මහරූෆ් විසින් අසන ලද ප්‍රශ්නය

430/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       උතුර සහ නැගෙනහිර පළාත්වල ඇති ජාතික මට්ටමේ ක්‍රීඩාංගන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම එක් එක් ක්‍රීඩාංගනය පිහිටුවා ඇති ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ත්‍රිකුණාමල‍ය දිස්ත්‍රික්කයේ ඇති මැකේසර් ක්‍රීඩාංගනය (Mc Heyzer    Stadium) ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරනු ලැබූ අතර ඊට අදාළ කැණීම් සිදු කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමු වීම හේතුවෙන් එම කැණීම් අත්හිටවූ බව දන්නේද?

(iv) අත්හිටුවා තිබූ එම කැණීම් නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේද;

(v) මැකේසර් ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත්කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: තරුණ කටයුතු සහ ක්‍රීඩා
: ඉම්රාන් මහරූෆ්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි