429/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්ථාපිත කර වසර කිහිපයක් ගත වී තිබුණද, මේ වනතෙක් තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කර නොමැති බවත්;
(ii) කින්නියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමේ යෝජනාව පළාත් පාලන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබුණද, එම යෝජනාව මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමට සහ කින්නියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කිරීමට ඇති බාධාවන් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමහර ග්‍රාම නිලධාරි වසම්වල පවුල් 1000කට අධික සංඛ්‍යාවක් ජීවත් වන අතර සමහර ග්‍රාම නිලධාරි වසම්වල පවුල් 100ක් පමණක් ජීවත් වන බව දන්නේද;
(ii) එසේ නම්, මෙම අසමතුලිත තත්ත්වය යථාවත් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
| : රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන | |
| : ඉම්රාන් මහරූෆ් | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






