ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉම්රාන් මහරූෆ් විසින් අසන ලද ප්‍රශ්නය

427/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       (i)     ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජලය ලබාදී ඇති ප්‍රදේශ සහ පානීය ජලය ලබාදී නොමැති ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුච්චවෙලි, පුඩවයිකට්ටු, තිරියායි සහ සලප්පයියාරු වැනි ප්‍රදේශවලට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පානීය ජලය ලබා නොදීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන පවුල් 5000ක් පමණ පානීය ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයට මුහුණදී ඇති බව දන්නේද;

(iii) ඉහත ප්‍රදේශවලට කඩිනමින් පානීය ජලය සැපයීමට සැලසුම්කර තිබේද;

(iv) සමස්තයක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2022.01.01 සිට 2024.01.01 දක්වා කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පානීය ජල සැපයුම විසන්ධි වී තිබූ පැය සංඛ්‍යාව කොපමණද;

(ii) එම විසන්ධිවීම් සඳහා බලපාන ලද මූලික හේතුව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
: ඉම්රාන් මහරූෆ්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි