424/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත වවුනියාව නගරයට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය, වර්ෂ 2010-2011 කාලයේදී ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා කුඹුරු, ගොඩ ඉඩම්, නිවාස සහ ආගමික ස්ථාන අත්පත් කර ගන්නා ලද බවත්;
(ii) ගොවීන් සහ ඉඩම් හිමිකරුවන්ට අගතියක් නොවන අයුරින් මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන, ප්‍රාදේශීය ලේකම් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් 2013.11.05 වැනි දින අත්සන් කළ බවත්;
(iii) අත්පත් කර ගන්නා ලද ඉඩම් වෙනුවට ලබා දුන් විකල්ප ඉඩම්වලට මේ දක්වා බලපත්‍ර, විධිමත් වාරි පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සැකසීම සහ ප්‍රතිසංස්කරණය කිරීම කර නොමැති බවත්;
(iv) අගතියට පත් ගොවි පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛතා පදනම මත ඉහත ජල ව්‍යාපෘතිය යටතේ මේ දක්වා රැකියා ලබාදී නොමැති බවත්;
(v) අමුණුවලින් පිටවන අමතර ජලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වලට ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස | |
| : පත්මනාදන් සත්‍යලිංගම් | |
| : ඉලංකෙයි තමිල් අරසු කච්චි |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






