ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ටී.කේ. ජයසුන්දර විසින් අසන ලද ප්‍රශ්නය

423/2025

ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බව පිළිගන්නේද;

             (ii)       තේ නැවත වගාව සඳහා ක්‍රියාත්මක වූ ‘ස්ටාර්’ ව්‍යාපෘතියට මුදල් සැපයූ ආයතනය කවරේද;

(iii) සැපයූ මුළු මුදල කොපමණද;

(iv) එය ණයක්ද, ‍නොඑසේ නම්, ප්‍රදානයක්ද;

(v) ණයක් නම්, වාර්ෂික පොලී අනුපාතය කොපමණද;

(vi) එම ණය ගෙවා අවසන් වන වර්ෂය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) එම ව්‍යාපෘතියේ පරිපාලන ව්‍යූහය හා ඊට සම්බන්ධ පුද්ගලයන් කවරේද;

(ii) එමඟින් තේ නැවත වගාව සිදු කර ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් තේ පරීක්ෂක කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ව්‍යාපෘතිය යටතේ‍ තේ නැවත වගා කරන ඉඩම් අක්කරයකට ගෙවූ මුදල හා පරිපාලන වියදම්වලට වෙන් කළ මුදල වෙන් වෙන් වශයෙන්  කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට එම ව්‍යාපෘතිය අවසන් කර තිබේ නම්, එම දිනය කවරේද;

(ii) වගාකරුවන්ට හිඟ මුදල් ගෙවිය යුතුව තිබේ නම්, එය එක් එක් තේ පරීක්ෂක කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ව්‍යාපෘතියේ විගණන වාර්තාව ඉදිරිපත් කරන්නේද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
: ටී.කේ. ජයසුන්දර
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි