ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චන්දිම හෙට්ටිආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

422/2025

ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      කළුතර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභාව සතු රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම දිස්ත්‍රික්කයේ, රෝහල් නොවන වෙනත් සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන/ආයතන පළාත් සභාව සතුව තිබේද;

(iii) එසේ නම්, එම මධ්‍යස්ථාන/ආයතන කවරේද;

(iv) කළුතර දිස්ත්‍රික්කයේ ඇති රේඛීය අමාත්‍යාංශය සතු රෝහල් සංඛ්‍යාව කොපමණද;

(v) එම දිස්ත්‍රික්කයේ, රෝහල් නොවන වෙනත් සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන/ආයතන රේඛීය අමාත්‍යාංශය සතුව තිබේද;

(vi) එසේ නම්, එම මධ්‍යස්ථාන/ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(ii) හා (v)හි සඳහන් මධ්‍යස්ථාන/ආයතන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ඒකක පිහිටුවා තිබේද;

(ii) එසේ නම්,  එම සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවා පිහිටුවා ඇති ස්ථාන කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: චන්දිම හෙට්ටිආරච්චි
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි