ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඥානමුත්තු ශ්‍රීනේසන් විසින් අසන ලද ප්‍රශ්නය

420/2025

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

                (ii)     ඒ අතරින් වනඅලින්ට ජීවත් වීම සඳහා සුදුසු වාතාවරණයක් සහිත වනාන්තර ප්‍රමාණය අක්කරවලින් ‍කොපමණද;

(iii) එම වනාන්තරවල ජීවත්වන වනඅලින් සංඛ‍්‍යාව කොපමණද;

(iv) වනඅලින් විසින් මිනිසුන් සහ ඔවුන්ගේ දේපළ විනාශ කරන බව දන්නේද;

(v) වර්ෂ 2020 සිට 2024 දක්වා වනඅලි ප්‍රහාරය‍න්ට ලක්වූ පුද්ගල‍‍යන් සංඛ්‍යාව, එම ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගල‍‍යන් සංඛ්‍යාව සහ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය වනඅලින් සංඛ‍්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වන ඝනත්වයට ඔරොත්තු නොදෙන වනඅලි ගහණයක් සිටින බව දන්නේද; ‍

(ii) වන ඝනත්වයට උචිත පරිදි වනඅලි ගහණය පාලනය කිරීමට සිදුව තිබේද;

(iii) එසේ නම්, ඒ සඳහා පවතින යාන්ත්‍රණ කවරේද;

(iv) ඒවා  ඉදිරියේදී ක්‍රියාත්ම‍ක කරන්නේද;

(v) එසේ නම්, වනඅලින් සිදු කරනු ලබන විනාශය පාලනය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තිබේද;

යන්නත් එතුමා මෙ‍ම සභාව‍ට දන්වන්නෙහිද?‍

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: පරිසර
: ඥානමුත්තු ශ්‍රීනේසන්
: ඉලංකෙයි තමිල් අරසු කච්චි

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි