ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අරුණ පනාගොඩ විසින් අසන ලද ප්‍රශ්නය

418/2025

ගරු අරුණ පනාගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් මීට පෙර තිබුණේද;

             (ii)      නොඑසේ නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක් එම ප්‍රදේශයේ  තිබේද;

(iii) එම ඉඩම, කිසියම් පාර්ශ්වයකට විකුණා තිබේද;

(iv) නොඑසේ නම්, විකිණීමේ සූදානමක් තිබේද;

(v) එම ඉඩම විකුණා ඇත්නම්, විකුණන ලද මුළු මුදල කොපමණද;

(vi) එම ඉඩමේ පර්චසයක වටිනාකම කොපමණද;

(vii) රජයේ කටයුතු සඳහා ඉඩම් අවශ්‍යව තිබියදී, එම ඉඩම බාහිර පාර්ශ්වයකට විකිණීමට හේතු කවරේද;

(viii) එම ඉඩම නැවත රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: අරුණ පනාගොඩ
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි