ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අරුණ පනාගොඩ විසින් අසන ලද ප්‍රශ්නය

417/2025

ගරු අරුණ පනාගොඩ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හෝමාගම, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ මලාපවහන පල්දෝරු පද්ධතිය වර්ෂ ගණනාවක සිට අකර්ම‍ණ්‍ය වී ඇති බවත්;

             (ii)      එම පල්දෝරු පද්ධතිය වටා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වනවිට වැටක් ඉදිකරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් වැට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල කොපමණද;

(ii) එහි ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය හා ඉදිකිරීම් අවසන් කළ යුතු දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ සඳහා තෝරා ගෙන ඇති කොන්ත්‍රාත් ආයතනය කවරේද;

(iv) එම කොන්ත්‍රාත් ආයතනය තෝරා ගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;

(v) එම වැට ඉදිකිරීම හේතුවෙන් ජනතාව විසින් වර්ෂ 40ක පමණ කාලයක සිට භාවිතා කරනු ලබන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දන්නේද;

(vi) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
: අරුණ පනාගොඩ
: ජාතික ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි