392/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරන ලද ක්‍රමවේදය කවරේද;
(ii) පළාත් ආදායම් කොමසාරිස් තනතුර සඳහා අදාළ සුදුසුකම් කවරේද;
(iii) නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කිරීමට ප්‍රථමයෙන් සිටි හිටපු පළාත් ආදායම් කොමසාරිස්වරයා, දේශීය ආදායම් සේවාවේ නිලධාරියෙක්ද;
(iv) පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරනු ලබන්නේ දේශීය ආදායම් සේවයෙන්ද, පළාත් ආදායම් සේවයෙන්ද, ගණකාධිකාරී සේවයෙන්ද;
(v) ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා මීට පෙර ඌව පළාත් සභාවේ පළාත් ආදායම් කොමසාරිස් තනතුරට පත් කර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ නිලධාරියෙක්ද;
(vi) එසේ නම්, එම නිලධාරියා පත්කර ඇති පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන | |
| : චාමර සම්පත් දසනායක | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






