390/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දූෂණ විරෝධී කමිටු කාර්යාලය එවකට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කරනු ලැබුවේද;
(ii) එම කමිටුව ස්ථාපිත කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අමාත්‍ය මණ්ඩල තීරණය ඉදිරිපත් කරන්නේද;
(iii) එම කමිටුවේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) දූෂණ විරෝධී කමිටු කාර්යාලය වසා දමන අවස්ථාව වනවිට එම කාර්යාලය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(vi) පවරා තිබූ නඩු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද පුද්ගලයාගේ නම සහ ලිපිනය කවරේද;
(ii) ඔහු අනවසරයෙන් වාහනයක් ධාවනය කර එය අනතුරකට පත් කර ඇති බව දන්නේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අග්‍රාමාත්‍ය කාර්යාලය | |
| : චාමර සම්පත් දසනායක | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






