ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චානක මාදුගොඩ විසින් අසන ලද ප්‍රශ්නය

386/2025

ගරු චානක මාදුගොඩ මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු වන බව දන්නේද;

             (ii)      E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා වීසා ලැබූ  ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළේදී නැවත හරවා එවීමට හේතු කවරේද;

(iii) එම ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා කිරීමට ඇති බාධා කවරේද;

(iv) E - 8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන් සඳහා සාධාරණත්වය ඉටු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
: චානක මාදුගොඩ
: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි