ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහිත අබේගුණවර්ධන විසින් අසන ලද ප්‍රශ්නය

383/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒ අතරින් ලාභ ලබන ඩිපෝ සහ අලාභ ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;

           (iii)      අලාභ ලබන ඩිපෝ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iv) මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;

(v) එම බස්රථ අතරින් මේ වනවිට ධාවනයේ යෙදෙන බස්රථ සංඛ්‍යාව සහ ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;

(vii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට ධාවනයේ යෙදෙන සහ ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දුම්රිය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;

(iv) මේ වනවිට ධාවනයේ යෙදෙන නව දුම්රිය සංඛ්‍යාව කොපමණද;

(v) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(vi) එම දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයන් සංඛ්‍යාව සහ ස්ථීර සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
: රෝහිත අබේගුණවර්ධන
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි