ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහිත අබේගුණවර්ධන විසින් අසන ලද ප්‍රශ්නය

382/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව සහ මේ වනවිට එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගන්නේද;

(iii) මේ වනවිට සේවය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව සහ වැඩ ආවරණය කරනු ලබන සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මේ වනවිට විශ්‍රාම ගොස් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි කළමනාකරුවන් සංඛ්‍යාව ‍වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහ සමෘද්ධි කළමනාකරුවන්ගේ  කාර්යභාරය එක සමාන වන්නේද;

(ii) සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට සහ සමෘද්ධි කළමනාකරුවන්ට උසස්වීමේ ක්‍රමවේදයක් තිබේද;

(iii) එසේ නම්, එම ක්‍රමවේදය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට පිහිටුවා ඇති සමෘද්ධි බැංකු සංඛ්‍යාව කොපමණද;

(ii) සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
: රෝහිත අබේගුණවර්ධන
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි